2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:28
වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා, 1988 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව පුහුණුව ලබමින් සිටියදීම, එම යුගයේ පැවති සන්නද්ධ කණ්ඩායමක නායකයෙකු, එනම් ත්‍රස්තවාදියෙකු ලෙස කටයුතු කළ අයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) බරපතල චෝදනාවක් එල්ල කළේය.
සභා ගර්භය අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, අද වන විට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම උපදෙස් දෙන අමාත්‍යවරයා, එදා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව පොලිස් සේවයෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු බව ද වැඩිදුරටත් හෙළිදරව් කළේය.
“ගල්ගමුව, අඹන්පොල, තඹුත්තේගම වගේ ප්‍රදේශවල මිනිස්සු මේ ඇත්ත හොඳට දන්නවා. 88-89 භීෂණ කාලේ කැකිරාව පොලීසියට පහර දුන්නේ කවුද කියලත් මම ප්‍රශ්න කරනවා,” යනුවෙන් දසනායක මහතා අභියෝග කළේය.
සිය කතාවේදී දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ඔහු, “පුළුවන් නම් මාව මරලා දාන්න. මැරුවොත් මම හොල්මනක් වෙලා හරි ඇවිත් පලිගන්නවා,” යැයි පවසමින් ආණ්ඩුවට සහ අදාළ අමාත්‍යවරයාට සෘජු අභියෝගයක් එල්ල කළේය. මෙම ප්‍රකාශයත් සමඟ සභා ගර්භය තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් එල්ල කරන ලද සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු ලබාදුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා, තමන්ට එරෙහිව කෙතරම් අභූත සහ පදනම් විරහිත චෝදනා එල්ල කළ ද, රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා ආරම්භ කළ සටන කිසිසේත් අත් නොහරින බවද සඳහන් කළේය.
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 6:15
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:18
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:37
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 9:58
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25