2026 ජනවාරි 23, ප.ව. 4:51
අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ අද දින තමාට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බව වාර්තා කර ඇති බවයි.
එසේ වුවත් එය වාර්තා කළ යුතු ප්‍රවෘත්තියක් නොවන බව සඳහන් කළ ඔහු තවදුරටත් තමා මෙම ආණ්ඩුවේ වැරදි කිසිදු බියකින් තොරව හෙළි කරන බවට ජනතාවට පොරොන්දු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “අද නිවුස් එක ගිහිල්ලා තියෙන්නේ චාමර සම්පත්ට අධි චෝදනා දුන්නා කියලා. ඒක නිව්ස් එකක් නෙමේ. නිව්ස් එකක් වෙන්නෙ එල්ලුම් ගහ ගෙනල්ලා පුලුවන්නම් ආණ්ඩුවට චාමර සම්පත් අහවල් දවස එල්ලනවා කිව්වොත් නිව්ස් එකක්, ඒකට අපි සූදානම්. මම මේ රටේ ජනතාවට කියනවා එල්ලුවත්, මැරුවත්, වෙඩි තිබ්බත් මොනවා කරත් අපි මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාවට දෙන තොරතුරු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා. ජනතාවට විරුද්ධව වැඩ කරන මේ ආණ්ඩුවේ තියෙන සෑම ප්‍රශ්නයක්ම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා නොබියව කිසිම බයක් නැතුව හිරේ නෙමේ මොකේ දැම්මත් මුහුණ දෙන්නත් සූදානම් කියලා මේ වෙලාවෙදි මතක් කරනවා”යනුවෙන්.
අද (23) දින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධව අල්ලස් කොමිසම මඟින් අධි චෝදනා ඉදිරිපත් කර ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.
2026 ජනවාරි 23, ප.ව. 6:37
2026 ජනවාරි 23, ප.ව. 6:16
2026 ජනවාරි 23, ප.ව. 5:37
2026 ජනවාරි 23, ප.ව. 4:12
2026 ජනවාරි 23, ප.ව. 2:09
20-01-26
20-01-26
03-01-26
03-01-26
18-12-25
18-12-25
25-11-25
25-11-25
09-11-25
09-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
04-11-25
04-11-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25