2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සමඟ විදේශ සංචාරයකට සහභාගී වීමට සිටි රූමත් තරුණියකගේ අවස්ථාව තමන් විසින් වැළැක්වීම, විශාල පාපකර්මයක් සිදුකර ගැනීමක් ලෙස තමාට දැන් හැඟී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, දෙමෝදර, ගවරවල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට සහභාගී වෙමිනි.
“මට වට්සැප් එකක් ආවා. බැලුවම එක්කෙනෙක් වට්සැප් එකෙන් කෝල් එකක අරන් කිව්වා ලස්සන බඩු කෑල්ලක් උස්සන් ඇමති කෙනෙක් යන්න හදනවා. ඉතින් මේක ගැනත් පුලුවන් නම් පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා. හරියට නම බැලුවා හරියටම නම තියෙනවා.
අනුර කුමාර ජනාධිපතිතුමා අනුමත කරල තියෙන ලිස්ට් එකම ආවා. පී.ආර්.ඕ අහවලා කියලා නම තියෙනවා. මට කිව්වා කොල්ලෝ පාර්ලිමේන්තුවේ ඕක දැන්ම කතා කරන්න එපා ගිහිල්ලා ආවට පස්සේ කතා කරන්න කියලා. මං කිව්වා ගිහින් ආවට පස්සේ කතා කරන්න දෙන්න බෑ.
ස්විස්ටර්ලන්තය වගේ රටක අයිස් කඳු බදාගෙන එහෙම සැප ගන්න දෙන්න බැහැ ඒගොල්ලොන්ට. ඒ ගොල්ලෝ අපිට කොහොමද කිව්වේ. කිරි කළ ගෙඩි හතක් නාලා හිටපු මිනිස්සුන්ට එහෙම කියන්න පුලුවන් කියලනේ ජන්දේ ගත්තේ. ඒක නිසා ඒක වෙන්න ඉඩතියන්න බෑ.
ගිහින් ආවට පස්සේ කියයි මම ගිහිල්ලා ආවනේ උඹ බම්බු ගහපන් කියලා. යන්න ඉස්සෙල්ලාම ඇරලා දැම්මා. ජනාධිපති ගෙන්නුවා ලිස්ට් එක ආයෙත්. පව් අර ළමයගේ නම කැපුවා. ඊට පස්සේ ෆේස් බුක් වලින් ගහලා තිබ්බේ ‘චාමර බඩා උඹට නම් ඊළඟ ආත්මේ හරියන්නේ නෑ’ , චාමර උඹට ලබන ආතමේ චීත්ත කෑල්ලක්වත් හම්බෙන එකක් නෑ.’ කියලා.
මමත් කල්ප්නා කලා වැඩේ වුණාට පස්සේ කරන්න දෙයක් නෑ.මම හිතුවේ නෑ ජනාධිපතිතුමා ඔය තරම් ඉක්මනට නම අයින් කරයි කියලා. මට පස්සේ කරන්න දෙයකුත් නෑ. හැබැයි ඉතින් මම කල්ප්නා කලා මේ ආත්මෙට විතරක් නෙවෙයි, ඊළඟ ආත්මෙටත් මේ මම කරගත්ත කරගත්ත ලොකුම පව කරගත්තේ ඒක කියලා. ඒ ළමයා බලංගොඩ පැත්තෙලු. රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා තමයි ආරංචි වුණේ. ඉතින් අපිට අහුවුනොත් අපි ඒක කරනවා, නතර කරන්නේ නැහැ. “
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
31-10-25
                                            31-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25
28-10-25
                                            28-10-25
27-10-25
                                            27-10-25
26-10-25
                                            26-10-25
26-10-25
                                            26-10-25
23-10-25
                                            23-10-25
23-10-25
                                            23-10-25
23-10-25
                                            23-10-25
22-10-25
                                            22-10-25