hit counter

2025 මාර්තු මස 03 වන සඳුදා

2025 මාර්තු 03, ප.ව. 5:29



වත්මන් ආණ්ඩුව පුවත්පත් කතුවරයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගේන්න යෝජනා කරමින් වැරදි සම්ප්‍රදායක් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඊට ඉඩදිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

එම ක්‍රමවේදය වැරදි මෙන්ම මාධ්‍යට සිදුකරන තර්ජනයක් බව සඳහන් කළ මන්ත‍්‍රීවරයා වත්මන් පාලනය බලයට පැමිණියේ එවැනි කටයුතු සඳහා පාර්ලිමේන්තුව පාවිච්චි නොකිරීමට පොරොන්දුවී බවද සිහිපත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මේ අදහස් පළකර සිටියේ අද (04) පාර්ලිමේන්තුව අමතමිනි .

ඔහුගේ මේ අදහස් දැක්වීමට පදනම් වූයේ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් එම මාධ්‍යවේදින් සහ ප්‍රධාන සංස්කාරකවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට ජාතික ජනබලවේගය පක්ෂයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉල්ලා සිටින තත්ත්වයට විරෝධය දැක්වීමය.

අද පාර්ලිමේන්තුවේදී සති අග අරුණ පුවත්පතේ ප්‍රවෘත්තියක් සම්බන්ධව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වන අනිල් ජයන්ත ප්‍රනාන්දු වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළ අතර මීට පෙර ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ඩේලි මිරර් පුවත්පතේ පළවූ පුවතක් සම්බන්ධව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: