hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 01, ප.ව. 4:45



කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටියි.

හිටපු ජනාධිපතිනී මේ වනවිට සිය නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරමින් සිටින අතර ඉදිරි දින දෙක තුන ඇතුළත නිවසින් ඉවත් වනු ඇතැයි ඇයගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

පසුගියදා ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ වූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබාදී තිබූ නිල නිවාස වලින් ඉවත්වීමට සිදුවිය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් මස (11) වැනිදා කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් ඉවත්ව ගියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: