hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 03, පෙ.ව. 12:14



ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ 43%ක ඡන්ද පදනම මේ වන විට 20%ට වැටී ඇතැයි ඔවුන් කළ සමීක්ෂණවලින්ම තහවුරු වී ඇතැයි සර්වජන බලය උප සභාපති, හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන පවසයි.

“ආණ්ඩුව එක්ක වෛද්‍යවරු තරහයි, ගුරුවරුත් තරහයි, සංවර්ධන නිලධාරීන් තරහයි, වෛරය වපුරන කතා කියලා සිල් ගන්න මිනිහත් තරහයි, මහා සංඝ රත්නයට තිරිකුණාමලේදී මුතුකුඩේ දෙකට කැඩෙනකල් ගැහුවා.

මෙහෙම යන්න බෑ. තව ටික දවසයි මේගොල්ලන්ට දුවන්න පුළුවන්. අද ඒගොල්ලෝ කළ සමීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා ජනාධිපතිවරණයේදී ගත් 43%ක ඡන්ද ප්‍රතිශතය 20%ට අඩු වෙලා කියලා.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනහමුවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: