hit counter

2025 ජූලි මස 21 වන සඳුදා

2025 ජූලි 21, පෙ.ව. 9:32



ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු  කාණුව ( Smart Drain ) නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් ” 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය “හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන 07/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

වැසි දින වල නගර ආශ්‍රිතව කාණු පද්ධති , ප්ලාස්ටික් සහ පොලිතීන් සිර වීම නිසා , නිතර ජල ගැලීම් ඇති වේ . මෙම ස්මාර්ට් තට්ටු දෙකේ  කාණුව මගින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත් කරන අතර දෙවන තට්ටුව මගින් වැසි වතුර නිදහසේ ගලා ගෙන යාමට අවස්ථාව සළසා දෙනු ලබයි .

එමගින් මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාළනයට මහත් සේවාවක් ලොව පුරා  ඉටු කරනු ලබයි .

මෙම සම්මාන උළෙල , ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර මේ සදහා ලෝකයේ රටවල් 95 ක නවෝත්පාදන නිර්මාණ 780 ක් ඉදිරිපත් කර තිබුණි .

මෙම සම්මානය දිනා ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන 07/19 දින රාත්‍රී 06.30 ට මාළදිවයින මාළේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .