2025 අප්‍රේල් 30, පෙ.ව. 10:56
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝවන් බවට පත්කිරීමේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය යටතේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (29) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් පානදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි සැකසීමේ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපති වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ මෙම ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහල ආදායමක් ඉපැයීම මගින් ස්වයං මූල්‍යනය සහිත ලාභදායී ආයතන බවට පත්කිරීම ව්‍යාපෘතියේ අරමුණය බවයි.
මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, රජය පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය විශාල බරක් ලෙස ඇතැමුන් සලකන නමුත්, එය රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රදානම අඩිතාලම බවත් ප්‍රකාශ කළා.
එමෙන්ම දැනට රාජ්‍යාංශයේ පවත්වාගෙන යන ප්‍රධාන සේවා වන දුම්රිය සේවා සහ බස්රථ සේවාව කාලයක් තිස්සේ තිබූ පාලනතන්ත්‍රවල උනන්දුව නොතිබීම නිසා අභාවයට ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වන්නේ ඩිපෝව හරහා සිදුවන ක්‍රියාවලිය, එහි ආදායම් වැඩිකිරීම, වියදම් කළමනාකරණය සහ වෙනත් ආදායම් උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා සොයා බලා, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට මූලික වීම බවත් කියා සිටියා.
තවද,
• ඌණ උපයෝජිත බස් රථ නැවත ධාවනය
• මාර්ග හා වාර ප්‍රශස්තකරනය (Optimize) කිරීම
• තෙල් භාවිතාව කාර්යක්ෂම කිරීම
• සේවක සුභසාධනය හා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම
• සේවක කාර්යක්ෂමතාව හා උපරිම පළදායිතාව
• ඩිපෝවේ අතිරික්ත ඉඩ වෙනත් ආර්ථික කටයුතු වලට යෙදවීම
• අමතර කොටස් (Spare Parts) හා ටයර් වියදම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර වියදම් කළමනාකරණය,
වැනි කාරණා වලට වැඩි අවධානය යොමු විය යුතු බවත් පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා පානදුර බස් ඩිපෝවන් ක්‍රමානුකූලව සංවර්ධිත ඩිපෝවක් ලෙස පරිවර්තනය කරමින් සමාජීය ප්‍රවාහන අවශ්‍යතාවයේ සාධනීය කොටස්කරුවන් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරෙන බවත් පෙන්වා දුන්නා.
2025 අප්‍රේල් 30, පෙ.ව. 10:11
2025 අප්‍රේල් 30, පෙ.ව. 10:00
2025 අප්‍රේල් 30, පෙ.ව. 8:23
2025 අප්‍රේල් 30, පෙ.ව. 12:32
2025 අප්‍රේල් 30, පෙ.ව. 12:28