2025 මාර්තු 20, පෙ.ව. 12:27
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
“මේ පරාටේ නීතිය හරහා අර්බුදයට ලක්වෙච්ච දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට තවත් සහන ක්‍රියාවලියක් අපි මේ ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරනවා. ඒ අතරින් දැනට අර්බුදයට ලක්වෙලා තියෙන 20,000ක් පමණ වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් එකිනෙකා අරගෙන බැංකු සමග සාකච්ඡා කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඔවුන් ඉදිරියට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම තමයි කතා කළා ණය ගන්න ක්‍රමයක් නෑ කියලා. මේ අවුරුද්දේ දැනටමත් ආරම්භ වෙලා තියෙනවා ක්‍රෙඩිට් ගැරන්ටී ඕගනයිසේෂන් එක. ඒ කියන්නෙ ණය ආරක්ෂණ වැඩපිළිවෙළක්. එතකොට කාටහරි ඇපයක් නැත්නම්, තමන්ට ඒත් ණය මුදලක් ලබාගන්න ඕනෙ නම්, ඕනෙම ක්ෂේත්‍රයකට පුළුවන් තමන්ගෙ බැංකුවත් එක්ක එකතුවෙලා මේ ක්‍රෙඩිට් ගැරන්ටී ආයතනයකින් 60%ක ආවරණයක් ලබාගන්න. එතකොට ඇපයක් නැතිව ඔවුන්ට ණය ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඒ වගේම තමයි අපි බැංකු කීපයක් එක්ක කතා කරලා ආරම්භක ප්‍රාග්ධනය විදියට ලක්ෂ 10ක් දක්වා ඇප රහිතව යන්න කර්මාන්ත අමාත්‍යාංශය හරහා අර සංවිධිත වැඩපිළිවෙල හරහා එන ව්‍යවසායකයින්ට ලක්ෂ 10ක මූලික ප්‍රාග්ධනයක් ඇප රහිතව දීලා එතනින් එහාට ඔහු තල්ලු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළ, ඒ වගේම අයිටී කර්මාන්තය සහ අනෙකුත් ආරම්භක කර්මාන්තවලට අවශ්‍ය කරන ප්‍රාග්ධන අරමුදලක් නිර්මාණය කිරීම, අපි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.”
2025 මාර්තු 20, පෙ.ව. 12:17
2025 මාර්තු 20, පෙ.ව. 12:15
2025 මාර්තු 20, පෙ.ව. 12:13
2025 මාර්තු 20, පෙ.ව. 12:09
2025 මාර්තු 20, පෙ.ව. 12:09
20-03-25
20-03-25
20-03-25
20-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25