hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 ජූනි 26, පෙ.ව. 8:44



කුකුළු මස් සහ බිත්තර පරිභෝජනයේදී හොඳින් පිස ගැනීමට කටයුතු කරන ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිෂ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දිමක් කර තිබෙනවා.

ඉන්දියාවේ මෑතකාලීනව ව්‍යාප්ත වු කුරුළු උණ (H9) පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.

මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් විද්‍යා දෙපාර්තමේන්තුව H5 සහ H7 ප්‍රභේද හඳුනාගැනීමට සහ H9 ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයද හඳුනා ගැනීමට අවශ්‍ය පී සී ආර් පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කර ඇති බවටයි වාර්තා වන්නේ.

පක්ෂීන් අතරින් පැතිරෙන රෝගී තත්ත්වයක් වන කුරුළු උණ ඇතැම් අවස්ථාවලදී මිනිසුන්ට වැළදිය හැකි නිසා ඒ පිළිබඳ සැලකිලිමත්වන ලෙසත් කුරුල්ලන් සහ උන්ගේ මළ අපද්‍රව්‍ය සමඟ ගැටීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනු ලැබුවා.

පක්ෂින් හෝ ඔවුන්ගේ අසූචි ස්පර්ශ නොකරන ලෙසත් , කුකුළු ගොවිපළවල් නැරඹීමෙන් වළකින ලෙසත් ජනතාව දැනුවත්වන ලෙසයි අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

එසේම තමන් සිටිනා ප්‍රෙද්ශවලින් රෝගී හෝ මිය ගිය පක්ෂීන් හමු වුවහොත්, වහාම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට වාර්තා කරන ලෙසද සෞඛය අමාත්‍යංශය දැනුම් දීමක් කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: