hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 22, පෙ.ව. 12:02



අධ්‍යක්ෂ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා 19 විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ..

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැළණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාස වල ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශවල නිලධාරීන් යොදවා එම කොට්ඨාසයන්හි ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළදසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිතකර ඇති ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම දියත් කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන ලද බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු භාරයට ගෙන ඇති අතර ඔවුන් සුදුසු භාරකාරත්වයට පත්කිරීමට කටයුතු කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: