hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 අප්‍රේල් 28, පෙ.ව. 12:02



සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර අලෙවි කරන ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම නිසා පාචනය රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

මේ හේතුවෙන් වමනය, බඩඑළිය යෑම, උණ රෝගය වැලඳී සතියකට වඩා ගතවී ඇති රෝගීන් සිටී නම් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් එම රෝගීන්ට බැදිහාල් කැඳ, දෙහි, දොඩම් වැනි දියර ආහාර ලබාදෙන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

එනිසා එවැනි අපිරිසිදු ස්ථාන වලින් ආහාර මිලදී ගැනීමෙන් වළකින ලෙසත් ඒ සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: