2024 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන් දහදහස් තුන්සිය විසිතුන්දෙනෙකුට (10323) උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙයි .
එම වාර්තාවට අනුව අවුරුදු එකට අඩු ළදරුවන්ගේ සහ අවුරුද්දත් අවුරුදු දෙකත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ගේ මෙන්ම වයස අවුරුදු දෙකත් පහත් අතර දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය වැඩිවි තිබේ.
එසේ වුවවද මෙය පසුගිය වසරට සාපේක්ෂව අඩුවිමක් වන අතර පසුගිය වසරේදි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළුනු ළමුන් සංඛ්‍යාව පහළොස් දහස් හත්සිය හැටතුන්දෙනෙකි.
සංඛ්‍යාත්මක වශයෙන් උග්‍ර මන්දපෝෂණය ගම්පහ සහ මන්නරම ,කළුතර කොළඹ, කල්මුණේ යන දිස්ත්‍රික්කවල වැඩිවි ඇති බව පවුල් සේඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි .
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කොට්ටාස හයදහස් නවසිය දහඅටක් ආවරණයවන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස තුන්සිය පනස් හයක වයස අවුරුදු පහට අඩු ළමුන් දහතුන්ලක්ෂ එක්දහස් හයසියහතලිස් නවයක් ලියාපදිංචි කොට සිදුකළ සමික්ෂණයකදි මේ බව අනාවරණය වෙයි.
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය වෙනුවෙන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ වසරේ ජුනි මාසය දක්වා මෙම සමික්ෂණය සිදුකර ඇති අතර ඉහත කී ළමුන්ගෙන් වයස අවුරුදු පහට අඩු ළමුන් දොළොස්ලක්ෂ හැටහත්දහස් හාරසිය හැත්තෑදෙදෙනෙකු(1267472 ) වර්ධනය තක්සේරු කිරිමක් සිදු කර ඇත.
මෙම තක්සේරු කිරිමේදි දිවයිනේ සියළුම දිස්ත්‍රික්වල වල සිටින වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ බර අඩුවිමක් සිදුව ඇති බවට හදුනාගෙන තිබේ.
ඒ අනුව එමළමුන්ගේ අඩු බර ප්‍රතිශතය සියයට දාහතයි දශම එකක් (17%) ලෙස සටහන් වි ඇත.
2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:10
2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:08
2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:08
2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:05
2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:05
24-11-24
24-11-24
24-11-24
24-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
23-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24