2024 ඔක්තෝබර් 25, පෙ.ව. 12:02
අධ්‍යාපනය සඳහා අඩු ම මුදලක් වෙන් කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලොව තුන්වන ස්ථානයේ රැඳී සිටින බව public finance වෙබ් අඩවිය අනාවරණය කරනවා.
එමෙන්ම හයිටි රාජ්‍ය හා ලාඕසය එක හා දෙක ස්ථාන ලබාගනිමින් මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් රැඳී සිටින බව එම වාර්තාවේ සඳහන්.
ඌන සංවර්ධිත රටවල් ලෙස සැලකෙන සියෙරා ලියොන්, මාලි, උගන්ඩාව යන රටවල්ද සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකියයුතු කොටසක් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන අතර, එම ප්‍රමාණ පිළිවෙලින් 8.8%, 4% සහ 2.6% ලෙස සටහන් වෙනවා.
නමුත් ශ්‍රී ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැය කරන්නේ 1.5% ක් බව ත් එය අඩු ම මුදලක් වැය කළ රටවල් අතරින් 3වන ස්ථානය හිමිකර ගන්නා බව ත් එම වෙබ් අඩවිය සඳහන් කරනවා.
මේ අතර, පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ප්‍රකාශ කළේ දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා අවම ප්‍රතිපාදන වෙන් කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.
ජාත්‍යන්තර ප්‍රමිතිය වූ රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු වූ ප්‍රතිශතය වූ 4-6% ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන් කරන එහිදී එම සංවිධානය අවධාරණය කර තිබුණා.
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24
23-12-24
23-12-24