hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 4:45



උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එහි දැක්වෙනවා.