hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:05



සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව අද (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි.

රජය සතු වතුවලට අයත් පොල්, ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: