hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 7:44



ඉකුත් මාර්තු මාසයේදී කොළඹ නාගරික ජනතාවගේ උද්ධමන අනුපාතය සියයට 0.9 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

එය පෙබරවාරි මාසයේදී පැවතියේ සියයට 5.9 ක් ලෙසයි.

කෙසේ නමුත්, කොළඹ නාගරික ප්‍රජාවගේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ඉකුත් මාර්තු මාසයේදී සියයට 3.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එය ඉකුත් පෙබරවාරි මාසයේදී පැවතියේ සියයට 3.5 ක් ලෙසයි.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ඝෘණ සියයට 0.5 ක් දක්වා අඩුවී ඇති අතර පෙබරවාරි මාසයේ දී සියයට හතක් ලෙස එය වාර්තා වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: