hit counter

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මාර්තු 17, පෙ.ව. 12:10



ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට 2024/2025 මුල්‍ය වර්ෂය තුලදි ගුවන් ගමන් ප්‍රමාදයන් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.16ක පිරිවැයක් දැරිමට සිදුවි ඇති අතර එය පෙර වසරට වඩා සියයට 44ක වැඩිවිමක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

පසුගිය වසර හතර තුල ගුවන් ගමන් ප්‍රමාදවිමේ ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකි මුල්‍ය වර්ෂය තුල නියමිතව තිබු ගුවන් ගමන් 46,518න් ක්‍රියාත්මක වි ඇත්තේ ගුවන් ගමන් 23,055කි.

ඉන් සියයට 29ක් ගුවන් ගමන් ප්‍රමාද වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

තාක්ෂණික දෝෂ, කාර්යමණ්ඩල හිගය, දුර්වල නඩත්තු සැලසුම්, ගුවන් ගමන් ප්‍රමාදයන් සදහා  ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණි.

එමෙන්ම ගෝලීය සැපයුම් දාම ගැටළු, කුරුළු ගැටිම් වැනි අනපේක්ෂිත සිදුවිම් ද මේ සදහා හේතුවි තිබු අතර ගුවන් යානා ඇණි සීමාවන්ද ගුවන් ගමන් බාධාවන්ට හේතුවක් වි ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් විගණනයට සදහන් කොට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: