hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 27, පෙ.ව. 12:04



අන්තර්ජාලයට හෝ පරිගණ ක්‍රීඩාවලට තදින්ම ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික රෝගයක් ලෙස පිළිගෙන ඇතැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් පවසනවා.

අන්තර්ජාලයට, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හා සමාන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

දරුවන් එක දිගට පැය දෙකකට වැඩි කාලයක් අන්තර්ජාලයේ සිටින්නේ නම් ඔවුන්ට මානසික වශයෙන් සිදුවන හානිය ඉතා වැඩි බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා අන්තර්ජාලයට තදින්ම ඇබ්බැහි වුණු දරුවන් සිටින්නේ නම් ඔවුන් සම්පූර්ණයෙන්ම දුරකථනයෙන් ඉවත් කිරීම වැදගත් බවත් පෙන්වා දෙනවා.

වයස පහට අඩු දරුවන්ට ජංගම දුරකණ මෙන්ම පරිගණක ලබා නොදි යුතු බවත් වයස 15ට වැඩි අයට ඒවා ලබා දිය යුත්තේ දෙමාපියන්ගේ දැඩි අධීක්ෂණය යටතේ බවයි ඔහු පවසන්නේ.

එසේම ජංගම දුරකථනවලට ඇබ්බැහි වූවන්ට එවැනි උපකරණ කෙසේවත් නොදිය යුතු බවත් දුරකථන සහ පරිගණකවලට අධික ලෙස ඇබ්බැහි වී සිටින්නේ නම් මුල් අවස්ථාවේදීම ගලවා ගැනීම ඉතා වැගත් බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ.

එමෙන්ම විවිධ මානසික පීඩනවලට ලක්වී සිටින දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැඩි වන බවත් වීඩියෝ ක්‍රීඩා එක දිගට නැරඹීමෙන් දරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී වන බව පරීක්ෂණවලදි අනාවරණය වී ඇතැයිද එසේ ඇබ්බැහිව දරුවන්ගේ එම කටයුතුවලට විරුද්ධ වන මවුපියන් පවා ඔවුන් දකින්නේ සතුරන් ලෙස බවයි වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දෙන්නේ.

දරුවන් අන්තර්ජාලයෙන් සහ වීඩියෝ ක්‍රීඩාවලින් ගලවා ගැනීම සඳහා විශේෂ විධිමත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වාදීම ඉතා වැදගත් බවත් වෛද්‍යවරයා සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: