2025 අප්‍රේල් 05, පෙ.ව. 12:18
විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.
එහිදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැක සහිත බවයි.
2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව ඉහළ දැමීම හේතුවෙන්, රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක් බව මෙහිදී අනාවරණය වී තිබේ.
එමෙන්ම ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බව ද මෙහිදී හෙළිව ඇත.
කෝපා කමිටුවේ දී අනාවරණය වූ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසා සිටියේය.
එම කරුණු අනාවරණයට අනුව බලපත්‍ර නිකුත්කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදුවී ඇති බවට කෝපා කමිටුවට කරුණු හෙළි වී ඇත.
අදාළ කාල සීමාවේ විදේශ ගත නොවූ පුද්ගලයින් හතරදෙනෙකු (4) වෙනුවෙන් ද විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව හෙළිව තිබේ.
එමෙන්ම හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මේ සියල්ල සිදුකර ඇති බවටත් කෝපා කමිටුවට කරුණු වාර්තා වී ඇත.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25