2023 මැයි 23, ප.ව. 3:22
බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා නිෂ්පාදිත නමක් හෝ ලිපිනයක් සඳහන් නොමැති ආලේපන වර්ග තොගයක් සමඟ 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට බව පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළා.
එම ස්ථානය මූලික කරගෙන නිෂ්පාදිත නමක් හෝ ලිපිනයක් සඳහන් කර නොමැති ආලේපන වර්ග අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරන බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකයට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් එම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පිළිගත් සමාගම් වලින් නොව පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන කීපයකින් මෙම ආලේපන වර්ග මිලදී ගත් බවට ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ආලේපන වර්ග වල ඊයම්, රසදිය, කැඩිනියම් හා මෙන්ම ආසනික් වැනි බැර ලෝහ ප්‍රමිතිය ඉක්මවා පිළිකා කාර මට්ටමට අඩංගුව තිබේදැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සහ පරීක්ෂණාගාර වලට යොමු කිරීමට කටයුතු කරන බවත් විශේෂ වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යු.රන්ජන මහතා පැවසුවා.
විවිධ ආලේපන වර්ග කුඩා බෝතල් දහසකට අධික ප්‍රමාණයක් එම ස්ථානයේ තිබී පරික්ෂා කිරීමෙන් අනතුරුව මුද්‍රා තැබීමට විමර්ශන නිලධාරීන් පියවර ගැනුණා.
අත්අඩංගුවට ගත් එම තරුණයා බැඳුම් කරයක් මත නිදහස් කළ බව පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය පරීක්ෂණ පවත්වනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08