2024 ඔක්තෝබර් 20, පෙ.ව. 12:08
සම සුදු කරන ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ, අදාළ ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා පැවතීම ඊට හේතුව බවයි.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් වනවා.
කෙසේවෙතත් එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු වී ඇති බව වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම සම තුනීවීම, ලේ නහර මතුවීම මෙන්ම සමේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ක්ෂණිකව සුදුවන ක්‍රීම් වර්ග වලින් ඈත් වී කටයුතු කරන ලෙස ද වෛද්‍යවරයා කියා සිටියා.
මේ අතර වෛද්‍ය නිර්දේශ මත භාවිත කළ යුතු සහ ඖෂධ හල්වල පමණක් අලෙවි කළ හැකි ආලේපන වර්ග කිහිපයක් පිටුකොටුවේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවිසැල්වලින් සොයාගෙන තිබෙනවා.
ඒ, පාරිභෝගික අධිකරියේ නිලධාරින් කණ්ඩායමක් විසින්. මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, ඒව සම සුදු කිරීම සඳහා රැගෙන යන බවටයි.
පිළිස්සීමකදී සමෙහි ඇති වූ කැළැල් මැකීම සඳහා ඒවා භාවිත කරන බව ද සඳහන්.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්යක්ෂ සංජීව වීරසිංහ මහතා,
“මේ වෙද්දී රටේ තියෙනවා සුදු වෙන ට්‍රෙන්ඩ් එකක්. මේවා අරන් ගිහිල්ලා පිරිමි, ගැහැනු භේදයක් නැතිව භාවිත කරනවා. මේවා ශරීරයට හොඳ නැහැ. සමට හොඳ නැහැ. අපි මේවා පිටකොටුවේ කඩවල් 16ක තිබිලා අත්අඩංගුවට ගත්තා. කොටසක් අපි අධිකරණයට ඉදිරිපත් කළා. කොටසක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරනවා.”
2024 නොවැම්බර් 08, පෙ.ව. 12:20
2024 නොවැම්බර් 08, පෙ.ව. 12:10
2024 නොවැම්බර් 08, පෙ.ව. 12:09
2024 නොවැම්බර් 08, පෙ.ව. 12:07
2024 නොවැම්බර් 08, පෙ.ව. 12:03
08-11-24
08-11-24
14-10-24
14-10-24
07-07-24
07-07-24
04-07-24
04-07-24
09-04-24
09-04-24
24-03-24
24-03-24