hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2025 මාර්තු 15, පෙ.ව. 12:11



සයිබර් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වූ ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවි ඇති බව පාසල් ළමයින් ආශ්‍රිතව සිදුකළ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත.

එලෙස සයිබර් ලිංගික අඩන්තේට්ටම් සඳහා ළමයින් සියයට 6.9ක් ගොදුරු වී ඇති බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය එක්ව පසුගිය වසරේදි (2024) මෙම සමීක්ෂණය කර තිබේ.

අවුරුදු 13ත්- 15ත් වයස් කාණ්ඩයේ ළමුන් ආශ්‍රිතව මෙම සමීක්ෂණය සිදු කර ඇත.

ළමුන්ගෙන් සියයට 6.1ක් අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් යොමු කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වෙයි.

මේ අතර ගැහැනු ළමුන් සියයට 4.7ක් සහ පිරිමි ළමුන් සියයට 7.5ක් ලෙස වාර්තා වී ඇත.

එසේම සියයට 10.1ක් පෙම් සබඳතා හේතුවෙන් ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති බවද මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: