hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2024 පෙබරවාරි 26, ප.ව. 12:48



මෙරට ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විදේශීය සමාගමකට විකිණීමට කටයුතු කරන බවට සමාජ ජාලා වල ප්‍රචාරණය වන පුවත සාවද්‍ය පුවතක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ දඹුල්ල වෙළඳ සංගම් නිලධාරීන් සමඟ ඊයේ (25) පැවති සාකච්ඡාවට සහභාගි වෙමින් අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාව අතරතුර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුරකතනයෙන් සම්බන්ධකර මෙම පුවත සම්බන්ධයෙන් කරුණු විමසීමක්ද සිදුකරන ලදි.

එහිදි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන විකිණීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.