hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 ජූලි 23, පෙ.ව. 9:59



වන අලි ඝාතන රැලි දෙකක් නිර්මාණය කර තිබෙන බව ද වර්තමානයේ පවතින්නේ දෙවැනි රැල්ලක් යැයි ද පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

“වනජීවී දෙපාර්තමේන්තුව අවම පහසුකම් මතයි වැඩ කරන්නේ. වෛද්‍යවරු දොළොස් දෙනයි ඉන්නෙ. පසුගිය ජුලි 10 වැනිදා වන විට ඒ වෛද්‍යවරුන් 12 දෙනාට වෙඩි වැදුණු අලි නව දෙනකුට ප්‍රතිකාර කරන්න සිදු වුණා. දින කිහිපයකින් එම සංඛ්‍යාව 13 දක්වා වැඩි වුණා.

මෙතැන සංවිධානාත්මක සැලසුමක් තියෙන බව පෙනෙනවා. අලින්ගෙ කකුල්වලට වෙඩි තියලා දුක් විඳලා මැරෙන්න සැලැස්වීමක් කරන්නෙ. ඒක පාවිච්චි කරලා ජනතාව කුපිත කරන සැලසුමක් ද කියන සාධාරණ සැකය තියනවා. දෙපාර්තමේන්තුවේ සේවකයන් අධෛර්යට පත්වන ආකාරයට තමයි විපක්ෂය කටයුතු කරන්නෙ.

කරුණාකරලා අලි ඇතුන් දේශපාලනය සඳහා ගාවගන්න එපා. භාතිය ඇතා වෙනුවෙන් විශාල ලෙස මැදිහත් වුණා. ඉන්දියාවෙ වන්තාරා ආයතනයෙන් පවා වෛද්‍යවරු රැගෙන ආවා. එතරම් වෙහෙසක් අපි ගත්තා. වන්තාරා ආයතනයෙන් වෛද්‍යවරු කැඳෙව්වෙ ඇතා මරා දාන්න කියලා ප්‍රකාශ කළා. වන අලි ඝාතන රැලි දෙකක් හදලා තියෙනවා. මේ යන්නේ දෙවැනි රැල්ල. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.”

ඇමති ධම්මික පටබැඳි මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: