2026 මාර්තු 09, ප.ව. 1:24
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දිවයිනටම ඉතාමත් වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අඳාළ නිවේදනයෙන් දන්වා ඇත්තේ මෙරට 05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය හෙට (10) දින සිට නිල වශයෙන් ආරම්භ කරන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වසර 10කට වරක්වත් මෙවැනි සමීක්ෂණයක් කළ යුතු වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ කටයුත්ත අඛණ්ඩව සිදුකරන රටවල් කිහිපය අතරට එක්ව සිටීම විශේෂත්වයකි. එබැවින් හෙට සිට නොවැම්බර් මාසය දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මේ දත්ත එකතු කිරීම සිදු වන බව සඳහන්.
එහිදී විශේෂයෙන්ම පාසල් දරුවන් සහ වැඩිහිටියන් ඇතුළු 10,000ක අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කරන අතර පාසල් දරුවන්ගේ දත්ත පාසල් පරිශ්‍රයේදීම ලබා ගැනීමට නියමිත බව සඳහන්. එමෙන්ම වැඩිහිටියන්ගේ දත්ත ලබා ගැනීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ඔබේ නිවසටම පැමිණෙන බව ද දන්වයි.
ඔබේ නිවසට හෝ දරුවාගේ පාසලට පැමිණෙන මෙම වෛද්‍ය කණ්ඩායම් මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් පුරවා ගැනීමට සහ කුඩා මුඛ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත අතර මෙය ඉදිරි සෞඛ්‍ය සේවා සැලසුම් කිරීමට ඉතාමත් වැදගත් වේ.
එබැවින් ඔවුන්ට උපරිම සහයෝගය ලබා දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කළේ මේ හරහා මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට විශාල පිටුවහලක් ලැබෙන බවයි.
2026 මාර්තු 09, ප.ව. 1:26
2026 මාර්තු 09, ප.ව. 12:23
2026 මාර්තු 09, ප.ව. 12:17
2026 මාර්තු 09, පෙ.ව. 12:27
2026 මාර්තු 09, පෙ.ව. 12:19
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26