hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 මැයි 28, පෙ.ව. 10:18



මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු විසි දෙදෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ මොහොත වන විට මාලනී ෆොන්සේකා මහත්මිය අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් සිටි බවද ඔහු පැවසීය.

මෙම තීන්දුව ඇයට කොතරම් වේදනාකාරීව බලපාන්නට ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා ඇයගේ නම අදාළ ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: