hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 මාර්තු 31, පෙ.ව. 3:57



කොළඹ නගර සීමාව තුළ 90%ක් පමණ මරණ සිදුව ඇත්තේ හෘදයාබාධ වැළඳීමෙන් බව අනාවරණය වී ඇති බවක් කොළඹ නාගරික මරණ පරීක්ෂිකා ඉරේශා දේශානි සමරවීර මහත්මිය පැවසුවා.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහත්මිය,

“පසුගිය සති දෙකක කාල සීමාව තුළ හෘදයාබාධ වැලදීමෙන් මරණ 15ක් පමණ කොළඹ නාගරික මරණ පරීක්ෂක උසාවියෙන් වාර්තා වී ඇති අතර එයින් 5 දෙනෙක් කාන්තාවන්. අවුරුදු 30 – 45ත් අතර මරණ 30%ක් සහ අවුරුදු 45 -75ත් අතර මරණ සංඛ්‍යාව 60%ක් පමණ වෙනවා. 2021 වර්ෂයේදී හෘදයාබාධ වැලදීමෙන් සිදු වූ මරණ අනුපාත 40%ක් වූවත් මෙම වර්ෂය තුළ එය 90%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ අවස්ථාවල පපුව ප්‍රදේශයෙහි ඇතිව වේදනා තත්ත්වය නොසලකා හැරීම, තෙල් සහිත ආහාර ලබා ගැනීමෙන් මෙලෙස වැඩි වශයෙන් හෘදයාබාධ ඇති වීමට හේතු වී තිබෙනවා. හැකි සෑම අවස්ථාවකම අවුරුදු 45 – 75 අතර වයසේ පසුවන පිරිස් ව්‍යායාමවල යෙදීම අවශ්‍යයි. බොරැල්ල, නාරහේන්පිට, මට්ටක්කුලිය, කොට්ටාව සහ මහරගම ප්‍රදේශවලින් පසුගිය සති දෙක තුළ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.”