hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2023 අගෝස්‍තු 06, ප.ව. 5:10



අද (06) දින වයස අවුරුදු 13ක දරුවෙක් හඳුනා නොගත් උණ රෝගයකින් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි අබ්දුල් අසීස් නමැති දරුවෙක් ය.

මෙම දරුවා ඔළුව කැක්කුමක් සමඟ උණ රෝගයෙන් දවස් කිහිපයක් තිස්සේ පීඩා විඳිමින් සිට ඇත.

ඊයේ (05) රාත්‍රියේ අසාමාන්‍ය නින්දකට වැටී සිටි බැවින් මවුපියන් ඔහුව මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී හුස්ම ගැනීමේ අපහසුතාවක් මත වෛද්‍යවරුන් විසින් දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

නමුත් අද අලුයම දරුවා මිය ගොස් ඇති අතර මෘත ශරීරය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව රෝහල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.