hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2026 මාර්තු 06, පෙ.ව. 10:31



ආණ්ඩුව විවෘතභාවයකින් විනිවිදභාවයකින් ආයෝජන සහ ව්‍යාපාර කටයුතු කරන නිසා ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩනැගී ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

පහුගිය ආණ්ඩු සමයේ තෙල් පෝලිම්වල සිටි ජනතාව ආණ්ඩුවට බැන්නද මෙවර දක්නට ලැබුණේ වෙනස් දෙයක් බවද ඇමතිවරයා පෙන්වාදෙයි.

ඇතැම් මාධ්‍ය තෙල් පෝලිම් ඉලිප්පුවද තමන් තෙල් පෝලිමට ආවේ ඇයිදැයි විමසන තැනට ජනතාව විචක්ෂණශීලි වූ බවද සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ජනතාව ආණ්ඩුවට ආදරය කරන නිසාද ආණ්ඩුව විශ්වාස කරන නිසාද තෙල් පෝලිම් ගැටලුව අද විසඳී ඇති බවද ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: