hit counter

2025 මැයි මස 11 වන ඉරිදා

2023 අගෝස්‍තු 12, ප.ව. 4:26



ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් විෂ වීමෙන් මිය ගොස් ඇති බවට වන පුවතක් වාර්තා වනවා.

සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) නම් එන්නත ආසාත්මික වීම නිසා මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක්.

අදාළ රෝගියාට එම ප්‍රතිජීවක එන්නතෙහි මාත්‍රා දහයක් ලබා දී තිබූ නමුත් සංකූලතාව වාර්තා වී ඇත්තේ එකොළොස්වැනි මාත්‍රාව ලබා දීමෙන් අනතුරුවයි.

එම මාත්‍රාව ලබා දීමෙන් මිනිත්තු 05කට පමණ පසුව අදාළ මරණය සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඖෂධ අසාත්මික වීමක දි කටයුතු කරන ආකාරය සම්බන්ධව මේ දිනවල රෝහල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුව ද හදිසි ප්‍රතිකාර ඒකකයට අදාල රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

අදාළ සිද්ධිය වාර්තා විමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි අදාල ප්‍රතිජීවක ඖෂධයේ රෝගියාට අසාත්මික වූ එන්නත් කාණ්ඩය වෙනත් රෝගීන්ට ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව ද වාර්තා වනවා.