hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 4:47



මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු පොලිසිය භාර වීමෙන් අනතුරුවයි.

ව්‍යාපාරිකයෙකු වන එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාර වී ඇති බව සඳහන්.

සිද්ධියේ ප්‍රධාන සැකකරු සියඔලාපෙ දකුණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අයෙක්.

අදාළ සිදුවීමේ ප්‍රධාන සැකකරුට සහාය වූ බව කියන පුද්ගලයෙකු ද පොලිසිය වෙත භාර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙවන සැකකරු 48 හැවිරිදි වියෙහි පසු වන කපුමහතෙකු වන බව ද වාර්තා වනවා.

ඔහු ඝාතනය කරන ලද කාන්තාවගේ සිරුරේ කොටස් කපාදැමීම සඳහා එම සැකකරු ප්‍රධාන සැකකරු වෙත සහාය වී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මේ අතර සැකකරුවන් පොලීසිය වෙත භාරවන අවස්ථාවේ කාන්තා මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රථයද පොලීසිය වෙත රැගෙනවිත් තිබෙනවා.