hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 6:17



මුල්ලේරියාවේ පදිංචි ප්‍රදීපා ද සිල්වා නමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ පොලිසිය විසින් සිදු කරනු ලැබූ මූලික විමර්ශනවලදීයි.

මෙම ඝාතනය පොලිසියට භාර වූ කපුවාගේ සැලසුමකට අනුව සිදු කර ඇති බව සඳහන්.

ගෙල කපා දැමීමෙන් අනතුරුව ඇයගේ හිස සහ දෑත් කපා දමා ඇත්තේ අදාළ කපුවා විසිනුයි.

මේ පිළිබඳව ඊයේ (02) දිනයේ දී පොලිසියට භාර වූ ප්‍රධාන සැකකරු පාපෝච්ඡාරණය කර තිබෙනවා.

අදාළ කපුවා සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි වශී කුරුකම් සහ නිධන් කැණීමෙහි නිරත වූ අයෙකු බවයි පොලිසි සඳහන් කළේ.

සුධීර නමැති අදාළ ව්‍යාපාරකයා මෙම කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පවත්වා තිබෙනවා.

ඇයගෙන් තමන්ට කරදර සිදු වන බවයි ඔහු මෙම කපුවාට පවසා ඇත්තේ.

එහි දී අදාළ කාන්තාව ඝාතනය කර සඟවා මරා දැමීමේ වගකීම තමන් භාරගන්නා බවට කපුවා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ් අනුව අදාළ ව්‍යාපාරිකයා විසින් අපරාධය සිදු වූ ස්ථානය වෙත මිය ගිය කාන්තාව රැගෙන ඇවිත් තිබෙනවා.

ඉන් අනතුරුව ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇත්තේ, අනතුරුව හිස සහ දෑත් ශරීරයෙන් වෙන් කර ඇත්තේත් මෙම කපුවාට බවට මූලික විමර්ශනවල දී අනාවණ වී තිබෙනවා.

ව්‍යාපාරිකයා විසින් අදාළ කාන්තාවට නිවාස සහ දේපළ ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ.

එම දේපළ කුලී පදනම මත ලබා දී ඇය මාසිකව ආදායමක් උපයා ඇති බව වැඩිදුරටත් සඳහන්.