hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 17, ප.ව. 4:54



ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට පැවසෙන ශ්‍රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති බව එරට පොලිසිය තහවුරු කර තිබෙනවා.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර තිබෙනවා.

ඇය හමාස් සටන්කරුවන් විසින් ඝාතනය කර ඇති බවට හෙළි වී ඇති බවයි ඊශ්‍රායල පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලක නමැති කාන්තාවක්.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: