2026 පෙබරවාරි 14, ප.ව. 2:02
ඊයේ දිනයේ බත්තරමුල්ල – අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළදසැලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ නීතිඥ බිරිද වෙඩිතබා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
අදාළ නීතිඥවරයා මීට පෙර කරන්දෙණිය සුද්දාගේ නඩුවලට පෙනී සිට ඇති අතර පසුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නැමැත්තාට කරන්දෙනිය සුද්දාගේ නඩු කටයුතුවල තොරතුරු ලබාදුන් බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී හෙලිව තිබේ.
ඊයේ අදාළ නීතිඥවරයා ලොකුපැටී නැමැත්තාගේ නඩුවලට කඩුවෙල උසාවියේදී පෙනී සිට ඇති අතර පසුව ඔහු සිය බිරිද සමඟ යළි පැමිණෙන අතරතුර අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්නයේ පිහිටි සුපිරි වෙළද සැලක රථ ගාලක් අසළදී තවත් මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
ඔවුන් ඒ සදහා ටී – 56 ගිනි අවියක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවටයි අනාවරණය වී ඇත.
ඒ අසළ තිබූ සී.සී.ටී.වී දර්ශනවලද ඔවුන් වෙඩිතබා පළා යන ආකාරයද දක්නට ලැබිණි.
එමෙන්ම, වෙඩිතැබීම සදහා පැමිණි මෝටර් රථයේ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුලු 04 දෙනෙකු ද සිට ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා බුද්ධික මල්ලවආරච්චි නැමැති නීතිඥවරයා බවට හදුනාගෙන ඇති අතර, ඔහු මීට පෙර සංවිධානාත්මක අපරාධ නඩු ගණනාවක් සදහා පෙනී සිට තිබේ.
වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලු පොලිස් කණ්ඩායම් 10 ක් මේ වන විට යොදවා තිබෙනවා.
මෙම වෙඩි තැබීමත් සමග වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබුණා.
2026 පෙබරවාරි 14, ප.ව. 2:25
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:35
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:11
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26