2023 පෙබරවාරි 09, ප.ව. 3:18
ජාත්‍යන්තර බැංකු වලින් ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ “පරිසරය සදහා ණය (Debt for Nature) වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවා.
ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට මේ අයුරින් මෙරට පරිසර සම්පත් හිලව් කිරීමේ සැලසුමක් ක්‍රියාවට නැංවීමට බලධාරීන් තීරණය කොට ඇතැයි ඔහු චෝදනා කළා.
ආර්ථික අර්බුදයක සිටින රටක මූල්‍ය ණය පියවා ගැනීමට පාරිසරික සම්පත් හිලව් කිරීම පහසුම හා නුවණක්කාරම යෝජනාවක් ලෙස බලධාරීන්ට පෙනෙන්නට තිබුණද පාරිසරික සම්පත් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම ජනතාවගේ ජීවිතවලට අනතුරක් බව හෙතෙම සඳහන් කළා.
මින් වසර දහයකට පෙර ද ජලය කළමනාකරණය කරන ජලය විකිණීමේ ප්‍රතිපත්තියක් ගෙන ඒමට එවකට පැවැති ආණ්ඩු ලෝක බැංකුව සමඟ එක්ව උත්සාහ දැරූ බව ද කාරියවසම් මහතා කියා සිටියා.
එමෙන්ම 2008 වසරේ USAID ව්‍යාපෘතිය හරහා සිංහරාජයේ පාරිසරික උරුමයටද අත ගැසීමද උත්සාහ දැරූ බව ඔහු සඳහන් කළා.
ලෝක බැංකුවේ escamp ව්‍යාපෘතිය හරහා සිංහරාජයේ කුඩව මාර්ගය අලුත්වැඩියා කිරීමේදී ඒ මුවාවෙන් සිංහරාජයේ දැවැන්ත විනාශයක් සිදුකර ඇති බවට හෙතෙම චෝදනා කළා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08