hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 12:08



ඉදිරි යල කන්නයේදී රටට දරුණු නියඟ තත්ත්වයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ අනාවැකි පළ කර ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටිනවා.

එනිසා කිසිදු බෝගයක් වගා කිරීමට නොහැකි වන පරිදි ජල හිගයක් ඇති වනු ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

රටේ සෑම ප්‍රදේශයකටම මේ දිනවල වර්ෂාව ඇද හැලුනද පසුගිය යන කන්නයට වඩා දරුණු නියගයක් ලබන යල කන්නයේදී ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ.

අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මේ හේතුවෙන් ජලාශවල ඒකරාශි වී ඇති ජලය ඉතාම අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසයි.

දෙසැම්බර් මස අවසන් වන විට ඇතිවන ලානිනා නැමැති ස්වභාවික කාලගුණික තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ආයතන අනාවැකි පල කර ඇති බවත් එනිසා ජලය පිරිමසා ගැනීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: