hit counter

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 28, ප.ව. 1:38



දෙනෝදහක් බලා සිටියදී ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද පැමිණි ඇමැති පුතෙක් ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ගම්වාසීන් පවසන අන්දමට විස්සක පමණ කණ්ඩායමක් එම සිසුවාට ලේ වැගිරෙන තුරු පහරදී තිබෙනවා.

පහරදුන් පිරිසට අමතරව කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයන් මෙන් වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ අසල සිටි බවද ගම්වාසීහු පවසනවා.

ඇමැති පුතාගේ පෙම්වතියට අදාළ උපකාරක පන්තියේදී පෙම් හසුනක් දුන් වරදට මෙම පහරදීම කර ඇතැයි හෙළි වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා සහ තවත් පිරිසක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.