2023 ජූනි 25, පෙ.ව. 1:11
ඉදිරි මෝසම් වැසි කාලයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරට ත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවා.
ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලු ම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙන බව ත්, ඒ අනුව ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළා.
මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙන බව ත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීම ඇතුළු පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බව ත් විජේවික්‍රම මහතා සඳහන් කර සිටියා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,
“ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේ ම රජය, පෞද්ගලික අංශය, මහ ජනතාව ඇතුළු සියලු පාර්ශව එක් කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වෙනවා. මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලීනව ක්‍රියාත්ම කිරීම තුළින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ඇති වන මෝසම් වැසි සමග ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. එම නිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්ව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු යි. ඩෙංගු රෝගයට ඕනෑ ම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකියි. වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක් ම වයස අවුරුදු 15 ට වැඩි අය යි. මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක්. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළඳිය හැකි යි.
ප්‍රධාන වශයෙන් ම මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම ඉතා වැදගත්. පිරිසිදු ජලය ඒකරාශී වන ස්ථානවල තමයි බොහෝ විට ඩෙංගු මදුරුවා රැඳී සිටින්නේ. ඉවත දමන ප්ලාස්ටික්, පරණ ටයර්, මල්පෝච්චි, පොල් කටු, තැඹිලි කෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වෙනවා. හැකි තරම් දුරට එවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු යි. ඒ වගේ ම මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමටත් පියවර ගත යුතු යි. ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවීමට නම් මදුරුවන් දෂ්ට කිරීමට ඉඩ ලබා නොදීමට පියවර ගත යුතු යි. ඒ සඳහා ශරීරය වැසෙන ලෙස ඇඳුම් භාවිතා කළ හැකි යි. ඒ වගේ ම මදුරු විකර්ෂණ ආලේප තිබෙනවා. එමගින් ද මදුරුවන් දෂ්ට කිරීම පාලනය කරගත හැකියි. නමුත් මේ සියලු ම ක්‍රම සියයට සියයක්ම සාර්ථක නැහැ. ප්‍රාදේශීය සභා, නගර සභා, මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් රෝගය පාලනය කිරීම සදහා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඩෙංගු රෝගය වැඩි වැඩියෙන් බෝ වන පළාත් කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
විශේෂයෙන් ම, බහුතරයක් රෝගීන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඉදිරි සතිය ඇතුළත විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීමට ඒ අනුව කටයුතු කෙරෙනවා. මේ සදහා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දීමට එකඟ වී තිබෙනවා. ජලය පිරුණු භාජනවල ජලය ඉවත් කළත් මදුරු කීටයන් රැඳී සිටිය හැකියි. එම නිසා ඒවා ත් හොඳින් පිරිසිදු කොට නැවත ජලය එක්රැස් නොවන ලෙස තැබිය යුතු යි. සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය පවතින්නේ දින පහක් හෝ හයක්. ඒ නිසා සතිපතා පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔබ සිටින අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයයෙන් ම කළ යුතු වෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම තනි පුද්ගලයෙකුට පමණක් කරන්න බැහැ. ඒ වගේ ම එය ආයතන කිහිපයකට පමණක් කරන්නත් බැහැ. මේ සඳහා රටේ සියලු දෙනාගේ ම සහය අවශ්‍යයි.
ඩෙංගු රෝගය වැළඳුණු කෙනෙක් නම් වෙහෙස මහන්සි වී වැඩ නොකළ යුතු යි. විවේක ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුණහොත් සංකූලතා ඇති වීමේ සම්භාවිතාව වැඩි යි. උණ සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිත නොකළ යුතුයි. කිසිම උණ රෝගියෙකුට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබා නොදෙන ලෙසට උපදෙස් දී තිබෙනවා. ඇතැම් විට පැරසිටමෝල් ඖෂධයට උණ සම්පූර්ණයෙන් ම පාලනය නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල රෝගීන් බිය විය යුතු නැහැ. උණ තිබුණා කියලා බරපතළ ගැටලුවක් වෙන්නේ නැහැ. ශාරීරිකව විවේක ගැනීම තුළින් සංකූලතා අවම කර ගන්න පුළුවන්. තැඹිලි, දෙහි, දොඩම්, ජීවනී වැනි දියර වර්ග භාවිත කිරීම ඉතා වැදගත් බව කිව යුතු යි.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05