2023 මැයි 22, පෙ.ව. 10:37
උණ රෝගීන්ගෙන් උණ යම් ප්‍රමාණයකට බැස ගියාට පසුත් ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වීමේ හැකියාවක් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා පවසනවා.
එම හේතුව නිසාවෙන් ඩෙංගු උණ අනිත් වෛරස් උණට වඩා භයානක බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික පුත්පතකට අදහස් දක්වමිනුයි.
“වෙනත් වයිරස් රෝගවලින් ඇත්තටම ලොකු අවදානමක් නැහැ. සාමාන්‍ය වයිරසයකින් හටගන්නා වයිරස් උණ දින 2ක් 3ක් ඇතුළත බැස යනවා. ඉන් පසු පීඩාවක් දිගු කාලයකට පවතින්නේ නැහැ. ඉන්ෆ්ලුවෙන්සා උණ වුවත් සාමාන්‍යයෙන් දින කිහිපයකට පසු ස්වභාවයෙන්ම උණ අඩුවෙලා යන අවස්ථා තිබෙනවා. ඩෙංගු උණේ භයානක තත්ත්වය සහ විශේෂත්වය තමයි මෙහි යම් ප්‍රමාණයක් රෝගීන් උණ බැස ගියාට පසු ඩෙංගු රක්තපාත කියන තත්ත්වයකට යන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා තමයි ඩෙංගු උණ අනෙකුත් වයිරස් උණට වඩා භයානකයි කියලා අපි හදුන්වන්නේ.”
“මේ අවස්ථාවේ ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වෙනවා. ඒ වගේම ඉන්ෆ්ලුුවෙන්සා වයිරස සහ සාමාන්‍ය වයිරස් උණ බහුලව පැතිරෙනවා. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී බොහෝ වෙලාවට ශ්වසන මාර්ගය ආශ්‍රිත අපහසුතා අපට දැකගන්න පුළුවන්. කැස්ස, හෙම්බිරිස්සාව සහ උගුරේ අපහසුතා ඉන්ෆ්ලුුවෙන්සා වයිරස් උණකදී බහුලව දක්නට ලැබෙනවා. සාමාන්‍ය වයිරස් උණයි, ඩෙංගු රෝගයයි, ඉන්ෆ්ලුවෙන්සා උණයි කියන තුනටම මුල් දින දෙකේ උණ තත්ත්වය පවතින්න පුළුවන්. මුල් පැය 48 තුළ උණ තත්ත්වයේ වැඩි වීමක් වෙන්න පුළුවන්. පැනඩෝල්, පැරසිටමෝල් දුන්නත් උණ අඩු වෙන්නේ නැහැ කියන එක සාමාන්‍යයෙන් අහන්න ලැබෙන දෙයක්. නමුත් ඒකෙන් කියන්නේ නැහැ රෝගය උත්සන්න, බරපතළ එකක් කියලා. කොහොමත් සාමාන්‍ය වයිරස් උණක් වුවත් පළමුවැනි දිනයේ, දෙවැනි දිනයේ තද උණ පවතින්න පුළුවන්.
සාමාන්‍ය වයිරස් උණ පිළිබඳවත් වැරදි මත තිබෙනවා. එක වයිරසයකින් තමයි මේ උණ සියල්ලම ඇති වෙන්නේ කියලා සාමාන්‍ය ජනයා අතර මතයක් තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. වයිරස් කෝටි ප්‍රකෝටි ගණනක් ඉන්නවා. මේ ඕනෑම වයිරසයකින් වයිරස් උණක් එන්න පුළුවන්. අපි හරියට හොයා ගෙන නැහැ මේ කාලයේ මේ වයිරසයෙන් මේ වයිරස් උණ හදන්නේ කියලා. අනෙක් වයිරසවල ලක්ෂණවලට වඩා ඩෙංගු වයිරසයේ ලක්ෂණ වෙනස්. හිසරදය, වමනය, ඇඟපත රුදාව, හන්දිපත් රුදාව, ඇස් යට කැක්කුම් ඩෙංගු රෝගයේදී දක්නට ලැබෙනවා. ඩෙංගු උණ සාමාන්‍යයෙන් දින 4ක් 5ක් යනතුරු අඩු වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය වයිරස් උණක් දින 2කට පසු උණ පහව යෑමේ ඉඩකඩක් තිබෙනවා. නමුත් ඩෙංගු උණ අනිවාර්යයෙන්ම දින 3කට වඩා තිබෙනවා. දින 4ක් – 5ක් – 6ක් යනකල් ඩෙංගු උණ තියෙනවා. මේ ලක්ෂණයෙන් තමා ඩෙංගු උණ අනෙක් වයිරස් උණවලින් වෙන්කර හදුනා ගන්න තියෙන්නේ. ඉන්ෆ්ලුවෙන්සාවෙන් වෙන්කර හදුනා ගන්න තිබෙන ලක්ෂණ තමයි සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, සෙම්ගෙඩි අමාරුව හෝ උගුරේ අමාරුව. මේවා ඩෙංගු උණේ දක්නට නැති තරම්. මෙම ලක්ෂණ බොහෝ වෙලාවට දක්නට ලැබෙන්නේ ඉන්ෆ්ලුුවෙන්සා වයිරස් උණත් සමඟයි.”
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03