2023 ජූනි 08, පෙ.ව. 1:06
මෙම වසරේ මේ වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 41,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 25 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටිගේ මහත්මිය පවසනවා.
කොළඹ නගරයෙන් වාර්තා වන එම රෝගීන්ගේ ගණන සතියෙන් සතිය වැඩි වෙමින් පවතින බව ද ඇය පවසා සිටියා.
මේ වන විට කොළඹ ,ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගයේ පැතිරීම වැඩි වී ඇති අතර ඩෙංගු අධි අවදානම් කලාප 67 ක් හදුනාගෙන ඇති බවත් දිස්ත්‍රික්කයේ පන්සලකින්ද ඩෙංගු මදුරු කීටයන් විශාල සංඛ්‍යාවක් හමු වී ඇති අතර දිගින් දිගටම එය පවති නම් ඉදිරියේදී ආගමික ස්ථානවලට එරෙහිවද නඩු පවරන බව වෛද්‍ය පන්නිලහෙට්ට්ටිගේ මහත්මිය සඳහන් කළා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06