hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 12:29



රාගම දේවාලයේ වාර්ෂිකව පවත්වන “දේව පුජා මංගල්‍ය 2023″වැඩසටහන අගෝස්තු මස 19 වැනි සෙනසුරාදා දවස පුරා රාගම දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව එහි භාරකාර ප්‍රධානී පොඩි සීයා පවසයි.

එදින පෙරවරු 6.00ට බුද්ධ පුජාව,පෙරවරු 7.30 ට පිළිම වහන්සේලා ස්නානය කරවීමේ පුජාව,පෙරවරු 10.00ට නවග්‍රහ පුජාව සහ පෙරවරු 11.00ට දේව දානය පැවැත්වෙනවා.

අනතුරුව දහවල් 1.00 සිට ලොකු සීයාට පිං පිණිස පැවැත්වෙන මහා බත් දන්සැල ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් පසුව පස්වරු 5.00 ට මාතන්ගේෂ්වරී පුජාව පැවැත්වෙන අතර එදින ලොකු සීයාට පිං පිණිස අඩු අදායම්ලාභී පවුල් සදහා විදුලිය සහ ජලය ලබා දීමට විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.