hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:02



ආචාර්ය අශෝක රන්වලට බලාපොරොත්තු වූ ආකාරයට සිය ආචාර්ය උපාධිය ඉදිරිපත් කිරීමට නොලැබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

“අපට බලාපොරොත්තු වුණ විදිහට රන්වල සහෝදරයාට ඒක ඉදිරිපත් කරගන්න බැරි වුණා. සහෝදරයා දැන් නිහඬව මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නවා.

හැබැයි ඉතින් මහා දැවැන්ත වැඩ කොටසක් කළ හොඳ චරිතයක්. සහෝදයාගේ වෙච්චි අඩුවක් කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

අපට ඕක ආයේ ආයේ මතක් කර කර ඉන්න දෙයක් නෙමෙයි ඕක. අපට නාමල්ගේ උපාධිය වැඩකුත් නෑ. රන්වලගේ උපාධිය වැඩකුත් නෑ.”

මාධ්‍ය අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳ නැගූ පැනයකට පිළිතුරු දෙමින් දේවානන්ද සුරවීර මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: