2023 අප්‍රේල් 27, ප.ව. 12:33
            
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නඩු කටයුතු පැවැරීම හිතාමතාම ප්‍රමාද කරන බවට පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකුට අපහාස වන පරිදි පුවත් පළ කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම ඊයේ (26) සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ යන අයට හා ඔහුගේ යූටියුබ් නාළිකාවට වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ අනුව ලබන 10 වැනි දින දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කළ විනිසුරුවරිය එදින අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙසට දර්ශන හඳුන්ගොඩ යන අයට නොතීසි නිකුත් කර සිටියා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වාලමින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන විනිසුරුවරිය මෙලෙස නියෝග නිකුත් කළා.
පසුගිය 2021 වසරේ මැයි 21 වැනි දින ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගබඩා කර තිබූ විස රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක් වීමෙන් ඇති වූ පරිසර හානිය පිළිබඳව එයට අදාළව එම නෞකාව අයත් සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා නඩු කටයුතු පැවැරීම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු විසින් හිතාමතාම ප්‍රමාද කරන බවට පසුගිය දින දර්ශන හඳුන්ගොඩ යන අය විසින් ඔහුගේ යූ-ටියුබ් නාලිකාවේ ප්‍රචාරය කර ඇති බවත් එයින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනාට අපහාස හා අගතියක් සිදුවන බවට ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ගොනු කරමින් කරුණු වාර්තා කර සිටියා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07