2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
මෙරට තුළ ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම් යළි ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” මගී පර්යන්තයේදීය.
එම උත්සවය ක්‍රියාත්මක වූයේ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
2023 වසරේ දී සුළු කාළයක් තුළ ක්‍රියාත්මක වූ මෙම ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම් යටතේ මෙරට තුළ පදිංචි, අන්තර්ජාලය හෝ මාර්ගගත ක්‍රමයට විදේශ රටවල ව්‍යාපාර හෝ රැකියා වල නිරත වී මාසයකට ඇමෙරිකානු ඩොලර් 2,000 ක මුදලක් මෙරටට රැගෙන එන විදේශිකයන් සදහා හිමි ව තිබේ.
ඔවුන්ට මෙරට තුළ රැකියා හෝ වෙනත් ව්‍යාපාරික කටයුතුවල නිරත වීම තහනම් වේ.
ඒවගේම ඔවුන්ගේ දූ දරුවන් මෙරට ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසැල් වෙත යොමු කළ හැකියි .
තම මව් රටවලින් ලබා ගන්නා පොලිස් සහතික සහ වෛද්‍ය වාර්තා ආදිය ආරක්ෂක අමාත්‍යාංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇගයීමකට ලක් කිරීමෙන් පසුව වසරක කාළයක් සදහා මෙම ඩිජිටල් නොමෑඩ් වීසා නිකුත් කිරීම සිදු කරනු ලබයි.
එහිදී ඔවුන්ගේ බැංකු ගිණුම් සහ ආදායම් බදු ගෙවීම් පිළිබද දේශීය ආදායම් , සංචාරයක අමාත්‍යංශය , ආගමන විගමන දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අධීක්ෂණයන් සිදු කරනු ලබයි.
මෙම ඩිජිටල් නොමෑඩ් වීසා පළමු බලපත්‍රලාභිනිය වූයේ යූක්‍රේන ජාතික ඩාර්යා ගෝර්ඩියෙන්කෝ මහත්මිය සහ ඇයගේ සැමියා වූ යාරොස්ලාව් කොවෙල්චුක් මහතාය.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:07
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
19-02-26
19-02-26
18-02-26
18-02-26
18-02-26
18-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26