hit counter

2025 ඔක්‍තෝබර් මස 31 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07



මාධ්‍ය සංද­ර්ශන නිසා පාතාල නාය­ක­යන් කියා ගන්නා පිරිස ජාතික වීර­යන් බවට පත්ව ඇතැයි සර්ව­ජන බලය ජාතික සංවි­ධා­යක දිලුම් අමු­ණු­ගම මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ සර්ව­ජන බලය පක්ෂ කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­වක් අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අද වන විට හරක් කටා­ගෙයි ජනා­ධි­ප­ති­ව­ර­ය­ගෙයි ආර­ක්ෂාවේ වෙන­සක් නෑ. ඔහු පැන යෑම වළක්වා ගැනී­මට ආර­ක්ෂාව දුන්නට කමක් නෑ. ඒත් එවැනි දේ බලන තරු­ණ­යන් හිත­නවා, ජනා­ධි­ප­ති­ව­ර­යෙක් වෙන­වාට වඩා පාතාල ලොක්කෙක් වෙන එක සුදුසු කියලා. හොරු අල්ල­න්නෙත්, පාතාල සාමා­ජි­ක­යන් පිළි­ග­න්නෙත්, පොලී­සි­යෙන් වෙඩි තිය­න්නෙත් කැම­රාව ඉස්ස­ර­හට දාගෙ­නයි.

පාතා­ලය අල්ල­නවා තමයි. හැබැයි සමාජ මාධ්‍ය, ප්‍රධාන මාධ්‍ය මෙය පෙන්වී­මෙන් ඔවුන් වීර­යන් වෙලා. ඒකෙන් තරු­ණ­යන් හිත්ව­ලට වැරැදි අද­හස් යනවා. එම නිසා අපි කළ යුත්තේ මොකක්ද, නැත්තේ මොකක්ද කියලා තේරුම් ගත යුතුයි.

සර්ව­ජන බලය විදි­හට අපි හිත­න්නෙම වෙනස් ආකා­ර­යට. දිලිත් ජය­වීර මහතා සර්ව­ජන බලය හද­න්නේම මේ රටේ වෙනස්ම දේශ­පා­ල­න­යක් ඇති කරන්න. සිරි­මාවෝ මැති­නිය බොහෝ ආය­තන ජන සතු කර රට ගෙන යන්න හැදුවා. හරි ගියේ නෑ. ජේ. ආර්. ජය­ව­ර්ධන මහතා විවෘත ආර්ථි­කය ගෙනාවා. පිට­රට තියෙන හැම­දේම ලංකා­වට එන්න ගත්තා. මහින්ද මහ­ත්ත­යාගේ ඉඳලා රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා දක්වා සහන දීලා ජන­තාව නැඟි­ට්ට­වන්න උත්සාහ කළා. සාර්ථක වෙලා නෑ. ජන­ස­විය කිවුවා, සමෘ­ද්ධිය කිවුවා. දැන් අස්වැ­සුම. හෙට අනි­ද්දට තව දෙයක් කියයි. හැබැයි එයින් බලා­පො­රොත්තු වූ නඟා­සි­ටු­වීම වුණේ නෑ. සහන දීලා වුණේ සහ­නා­ධාර වැඩි වෙලා එය රජ­යට බරක් බවට පත්වී­මයි. මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා කළ භෞතික සංව­ර්ධ­නය රටට ඉතිරි වුණා. ඒක හොඳ දෙයක්. පස්සේ ආර්ථික සංව­ර්ධන නිල­ධා­රීන් ගම් ගානේ පත් කළාට වූ ආර්ථික සංව­ර්ධ­න­යක් නෑ. අපි වෙනස් දේ ගැන සිතිය යුතුයි. ලෝකයේ බොහෝ රට­වල් දියුණු වෙලා තිබෙන්නේ ව්‍යව­සා­ය­කත්ව ක්‍රම­වේද ඇති කරලා. ඔවුන් කළේ විවිධ නම්ව­ලින් ව්‍යව­සා­ය­ක­යන් ඇති කර රට දියුණු කිරී­මයි.

අපේ රටේ උත්සා­හය ඩඩ්ලි සිරි­සේන ආයේ හාල් මෝල­කට යවන එක. දිලිත් ජය­වීර තැපැල් නයි­න්ටි­යට යවන එක. ධම්මික පෙරේරා බිංදු­වට වට්ටන එක. එහෙම නැත්නම් කවුරු හරි මොනවා හරි ගත්තම පෙත්සම් ගහලා හරි එය නැති කරන එක.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: