2023 අප්‍රේල් 29, පෙ.ව. 5:19
අඹතලේ සිට ජුබිලි කණුව ජල ටැංකිය දක්වා ජලය ගෙන යන ප්‍රධාන දැවැන්ත නලයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල කොටසේ කාන්දුවක් සිදුව තිබුණා.
පොල්දූව පාලම යටින් දිවෙන නල කොටසේ එලෙස කාන්දුවක් ඇති බව නිරීක්ෂණය වී තිබුණේ දියවන්නා ඔයේ යාත්රාකරුවෙකුටයි.
“ඊයේ රෑ හරියට දොළහට ගිහිල්ලා බලපුවහම සම්පූර්ණයෙන්ම වතුර ටික යනවා.119 කතා කරලා තුන් සැරයක් කිව්වා. උදේ හතහමාර අට වෙනකන් කවුරුවත්ම ආවේ නෑ.”යනුවෙන් යාත්රාකරු සඳහන් කළා.
කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලටත් කොළඹ 4, 5, 7, සහ 8 යන ප්‍රදේශ වලටත් ඊයේ (28) පැය 10ට ආසන්න කාලයක් ජල සැපයුම අඩාල වුණා.
කාන්දුව නිරීක්ෂණයට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් අද පෙරවරුවේ පැමිණි අතර ඔවුන්ට අනාවරණ වූයේ නලයේ සවිකර ඇති ඇණ බොහොමයක් කිසියම් පිරිසක් ගලවා ඇති බවයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළා.
“මෙන්න මේ වගේ කප්ලින් එකේ සම්පූර්ණ ඇණ හතළිස් අටක් තියෙනවා. ඒකෙන් තිස් තුනක් ගලවලා තියෙනවා.”
පැය ගණනක මෙහෙයුමකින් පසු නැවතත් ජල සැපයුම යථා තත්වයට පත්කර තිබෙනවා.
ජල නලයට සිදු කළ හානිය සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිල්ලක් බවයි නිලධාරීන් පවසන්නේ.
දහස් ගණනක් ජනතාවට පානීය ජලය බෙදා හැරෙන මෙවැනි නලයකට මෙලෙස හානි සිදු කිරීමට හැකිවීම ජනතාවගේ ආරක්ෂාවට හා ජීවිතවලට දැඩි තර්ජනයක් බවත් ජාතික සම්පත් මෙලෙස විනාශ කරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි නිලධාරීන් පවසන්නේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජල නළ අලුත්වැඩියාකරු එම්.පෙරේරා මහතා මෙසේ සඳහන් කළා.
“හරියටම වුණා නම් මේ පාලම් පවා ගලවලා බිමට වැටෙනවා කෑල්ල ගැලවිලා බිමට වැටුණා නම්. මේ වටිනා ජල නලයකට මේ වගේ හානියක් කරලා මේ පාලම විනාශ වෙලා යන තත්වයට මේවා ගැලෙව්වහම සිද්ධ වෙනවා කියන එක උන්ට තේරෙන් නැහැ. උන් කුඩු ගහලා අයිස් ගහලා මේවා ගලවනවා.නිතිය ක්‍රියාත්මක කරලා අත්අඩංගුවට ගන්න.”
2025 ජනවාරි 03, පෙ.ව. 12:18
2025 ජනවාරි 03, පෙ.ව. 12:13
2025 ජනවාරි 03, පෙ.ව. 12:10
2025 ජනවාරි 03, පෙ.ව. 12:09
2025 ජනවාරි 03, පෙ.ව. 12:07