2023 අගෝස්‍තු 14, ප.ව. 6:20
වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යාම නිසා ඇති වන වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම වනුයේ විදේශීය වෛද්‍යවරුන් මෙරට සේවය සඳහා යොදා ගැනීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව වනුයේ රට තුළ පවතින දැඩි බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවයි.
”වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර යන්නේ අර කියපු නිල නිවාස හෝ එවැනි දෙයක් නිසා නොවේ. වැඩි හරියක් රට හැර යන්නේ දැන් මේ තියෙන දැඩි බදු සහ රටේ තියෙන අස්ථාවරභාවය නිසා. ඉතින් මේ අඩු වෙන්න. අඩු වෙන්න. අපිට වෙනවා නැවතත් යන්න. දෙන්නෙක් හිටපු තැනකට එක්කෙනක් දාන්න. තුන්දෙනෙක් හිටපු තැනකට දෙන්නෙක් දාන්න. ඉතින් මේක අනිවාර්යයෙන් ම මේ තත්ත්වය දිගට ම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නෑ. එහෙම නැත්තම් ඊළඟ විකල්පය තමා අපි පිටරටින් වෛද්‍යවරු ගේන්න ඕනේ සේවය සඳහා”
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08
24-06-25
24-06-25
16-06-25
16-06-25
21-03-25
21-03-25
19-03-25
19-03-25
17-03-25
17-03-25
12-03-25
12-03-25
09-03-25
09-03-25
04-03-25
04-03-25
23-02-25
23-02-25
22-02-25
22-02-25
08-02-25
08-02-25
07-02-25
07-02-25