hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 06, පෙ.ව. 1:05



දඹුල්ල සහ තදාසන්න ප්‍රදේශවල ස්වයං රැකියා සහ විවිධ රැකියා කරන අයවලුන් රවටා ජංගම දුරකථන හරහා ඩොලර් උපයා ගැනීමට හැකි ක්‍රියාවලියක් මවාපාමින් ලක්ෂ ගණනින් පිරමිඩ ක්‍රමයට මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායමක් නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

මෙම ජාවාරම්ට හසුවූ බොහෝ දෙනෙකු සිටියද ඔවුන් නිසි සමාජ දැනුමක් අධ්‍යාපන මට්ටම් නිසා සමාජයට ඇති බිය නිසා ඉදිරිපත් නොවී පාඩුව විඳදරාගෙන හූල්ලා වැටෙමින් සිටින බව ඔවුහු පෙන්වා දෙනවා.

මහබැංකුව මගින් තහනම් කොට ඇති මුල්‍ය ආයතන කීපයක නම භාවිතා කරමින් මෙම ජාවාරමේ අලූත්ම ගොදුර බවට පත්ව ඇත්තේ දඹුල්ල සති පොළ ආසන්නයේ ස්වයං රැකියාවන්හි නිරත කණ්ඩායමයි.

කිසිම දිනක ඩොලර් කොළයක්වත් ඇහැකකට නොදැකපු  විවිධ රෝගාබාධවලට ලක්ව සිටින කාන්තාවන් මෙම ජාවාරම්කරුවන්ගේ රැවටිලි බසට හසුවී විශාල මුදලක් මේ වන විටත් අහිමි කර ගෙන ඇති බව එම කාන්තාවෝ කියයි.

 දඹුල්ල සති පොල ඉදිරිපිට රෙදිපිළි විකුණන කාන්තාවන් කියා සිටියේ එම ස්ථානයේම රෙදි අලවිකරණ කාන්තාවක හරහා දඹුල්ල ප්‍රදේශයේ තරුණයකු සහ තරුණියක පැමිණ රුපියල් අනූ දහස බැගින් මුදලක් ලබා ගත් බවයි.

දින කිහිපයක් ගත වෙද්දී වීශාල ඩොලර් ප්‍රමාණයක් තම ජංගම දුරකථනය හරහා ලබා ගැනීමට හැකි බව ඔවුන් මෙම කාන්තාවන්ට දැනුවත් කොට මුදල් ලබා ගෙනගෙන ගියද මේ වන විට දුරකථනය පවා සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ යැයි ඔවුන් සඳහන් කළා.

මේ වන විට මෙම කාන්තාවෝ එකිනෙකා අතර විවිධ මත නිසා ගැටුම් ද නිර්මාණය වෙමින් තිබෙන බවත් ඉතා එකමුතුව සිටි කණ්ඩායමක් ඩොලර් සෙවීම්ට ගොස් විරසක වී සිටින බවද එම කාන්තාවො පෙන්වා දෙනවා.

විදේශ රටවල් වල බැංකු බව ප්‍රකාශ කරමින් ගම් නියම් ගම් වලට යන තරුණ කණ්ඩායම් මෙම ජනතාවට මුදල් ලැබෙන  පිළිබඳව සිතට වදින ලෙස කතා කොට ඔවුන් සතු ඇති මුදල ලබාගෙන ජංගම දුරකථනය හරහා ඊට කෙටි පණිවිඩ ලැබෙන මෙවලමක් යාවත්කාලීන කර දීම බව ජනතාව පෙන්වා දෙනවා. 

මේ වනවිටත් දඹුල්ල ප්‍රදේශිය රාජ්‍ය නිලධාරින් පුද්ගලික අංශ සේවකයන් ඇතුළු බොහෝ දෙනෙකු ඩොලර් ඉපයීමේ සංවිධානාත්මක ජාලාවට හසුවී කීපදෙනෙකු මුදල් හම්බ කළ බව පෙන්වා මෙම ජාවාරම සිදු කර ගෙන යන අතර තවත් පිරිසක් ඔවුන්ගේ මුදල ලබාගැනීම සඳහා තවත් අය එකිනෙකා එකිනෙකා මෙම ජාලයට සම්බන්ධ කර දෙමින් ඔවුන්ගේ මුදල් ටික පමණක් ලබා ගැනීමේ උපාය සිදු වෙන බව ද ජනතාව පෙන්වා දෙනවා.