2023 පෙබරවාරි 11, ප.ව. 4:03
කල්පිටිය – කුඩාව වෙරළ තීරයට තල් මසුන් 14 දෙනෙකු ගොඩගසා තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය අධ්යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වෙරළට ගොඩගසා ඇති බවට විශ්වාසය පළ කෙරෙන බවයි.
ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා.
තල් මසුන් 11 දෙනෙකු ආරක්ෂිතව දියඹට මුදා හැරීමට නාවික හමුදාව, වනජිවි නිලධාරින් මෙන්ම, ප්‍රදේශයේ ධීවරයන් කටයුතු කළා.
මෙම තල්මස් විශේෂය ෆයිලට් වේල්ස් නමින් හඳුන්වන අතර, සමූහයක් ලෙස මුහුදේ සැරිසරන සත්ත්ව විශේෂයක්.
මේ අතර, තල්මසුන් මත නැගී කුඩා දරුවන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන ඡායාරූප ද අද සමාජ මාධ්‍යයේ පැතිර ගිය අතර, එහිදී සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා වැඩිහිටියන් දරුවන්ට මග පෙන්වීමේ වැදගත්කම අවධාරණය කර තිබුණා.
2024 නොවැම්බර් 14, පෙ.ව. 1:15
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:55
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:50
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:34
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:24